කාර් රථයක් හා යතුරුපැදියක් ගැටී අනතුරක් – අයෙක් මරුට

Share

අවිස්සාවේල්ල පොලිස් වසමේ උතුරු කරඳන මාර්ගයේ 4 කණුව අසල දී ඊ‌යේ (23) දින කාර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී ඇත.

 

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක් වු මාලබේ, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ‍ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News