හාරිස්පතුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාහිමියන් අපවත් වෙයි

Share

කුරුණෑගල පළාත් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ, හාරිස්පතුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාරතුගොඩ ධම්මානන්ද නාහිමියන් වයස අවුරුදු 72ක් ආයු වළඳා අපවත් වී තිබේ.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අමිල සේවයක් කල උන්වහන්සේ අධ්‍යාපන අමාත්‍යංශ සම්භාෂා අධ්‍යාපන ප්‍රකාශනයේ සංස්කාරකවරයෙකු ලෙස ද කලක් කටයුතු කලේය. දැයේ දරුවන්ගේ අධ්‍යපන අයිතිය සුරකිනු වස්, දිවයින පුරා අධ්‍යාපන ආයතන, පිරිවෙන් මෙන්ම පූජනීය ස්ථාන ආරම්භ කිරීමේ ද නිර්මාතෘවරයෙකි.

උන්වහන්සේ ශ්‍රි දේහය මේ වන විට මාරතුගොඩ විදුමිණ පිරිවෙන් විද්‍යායතන ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු පිලිබද තීරණය, යුරෝපයේ ප්‍රධාන සංඝනායක, ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරාධිපති කිරිදිගල්ලේ ධම්මරතන නාහිමියන් සහ දායක සභාව රැස් වීමෙන් ආනතුරුව ප්‍රකාශයට පත් කරනු ඇති.

Read more

Local News