පාකිස්තානයේ දැරියක් අපද්‍රව්‍ය බහාලනයකින් සොයා ගනීයි

Share

පාකිස්තානයේ කසූර් දිස්ත්‍රික්කයේ දී දූෂණය කර, මරා නගරයේ ප්‍රධාන අපද්‍රව්‍ය බහාලනයේ දමා තිබූ හත් හැවිරිදි දැරියගේ අවසන් කටයුතු අවස්ථාවේ ඇති වූ කළහකාරී තත්ත්වයක් අැති වී අතර ඊට සහභාගි වූවන් දෙදෙනකු ද මරණයට පත්ව තිබේ. සයිනාබ් අන්සාරි නම් වූ මේ දැරිය හමුවී තිබුණේ අතුරුදන් වී දින හතරකට පසුය. ගෙවී ගිය වසර තුළ කසූර් දිස්ත්‍රික්කයෙන් මෙවන් සිදුවීමක් වාර්තා වන්නේ සිවු වැනි වතාවටය. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ බලධාරීන් වරදකරුවන් සෙවීමේ දී මන්දගාමී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවයි.

දැරියගේ අවසන් කටයුතුවලට එක් වූ ජනතාව ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් පොලිස් ස්ථානයට පහර දීමටත් වෙඩි තබන්නටත් වූ බව වාර්තා වේ. එය මැඬ පැවැත්වීමට යාමේ දී ඊට සම්බන්ධ වූවන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය.

දැරිය අතුරුදන් වන අවස්ථාවේ ඇයගේ මවුපියන් වන්දනා ගමනක් සඳහා රටින් පිටව ගොස් සිට ඇත. මේ සිදුවීම සම්පූර්ණයෙන්ම විසඳන තුරු තම දියණියගේ දේහය භූමදාන නොකරන බව අන්සාරි ගේ පියා වන අමීන් පවසයි.

මේ අතර දිස්ත්‍රික් භාර පොලිස් නිලධාරී සුල්ෆිකාර් අහමඩ් පවසන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ට හැකි සෑම පියවරක්ම ගත් බවයි.

Read more

Local News