ගනේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට

Share

ගනේමුල්ල දුම්රිය ස්ථානය අසල ඉදිකළ ගුවන් පාලම ජනතා අයිතියට පත්කිරීම ඊයේ (11) උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් 2016-04-19 දින ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තැබීම සිදු වූ අතර මීටර 300 ක දිගින් යුතු පිවිසුම් මාර්ගයත් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග මීටර 504 කි. මංතීරු 02 ක් සහිතව ඉදිකරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,768.21 වැය වී ඇත.

සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි රජය කටයුතු කරන බවත් මේ වන විටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයට කලින් මේ මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් දකුණ වගේම උතුරු පළාතත් සංවර්ධනය කිරීමට ඉන්දියානු රජයෙන් විශාල සහයෝගයක් ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, රුවන් විජේවර්ධන, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මැතිතුමා ඇතූළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News