හෙට බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට තිරණය කරයි

Share

ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දිනයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි තොග, සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වසා තැබීමට තීරණය කර ඇති බව නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා පවසයි.

 

අද (29) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා සඳහන් කළේය.

බණ්ඩාරවෙල නගරයේ සංචාරක හෝටලයක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් අනතුරුව දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බැවින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා සඳහන් කළේය.

Read more

Local News