කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් නාවික හමුදා භාරයට

Share

නාවික හමුදාව ‍විසින් යාපනය, උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (29) දියත් කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

 

කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන ව්‍යසනකාරී තත්වය මත මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවීමට රජය විසින් කටයුතු කර ඇත.

මේ තත්වය මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තම ජාවාරම් පවත්වාගෙන යාම සඳහා ඉතා සූක්‍ෂම ක්‍රම භාවිතා කිරීමට උත්සහ දරමින් සිටී.

එම උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුම් දියත් කරමින් සිටින අතර, ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද යාපනය, උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ දියත් කල එවැනි තවත් එක් සොදිසි මෙහෙයුමකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කර එහි තිබී කේරළ ගංජා කිලෝ 114 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

එහිදී අදාල ඩිංගි යාත්‍රාව, කේරළ ගංජා තොගය සහ එම යාත්‍රාවේ ගමන්ගත් සැකකරුවකු නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 37 ක් වන වඩමාරච්චි නැගෙනහිර, තාලයඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට වැඩිදුර විෂමර්ෂණයේදී අනාවරණය කර ගන්නා ලදි.

නාවික හමුදා භාරයට ගත් මෙම සැකකරු, ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පලෙයි, පොලීසියට වෙත භාරදීමට කටයුතු කරන ලදි.

තවද, රටතුල ඇති වී තිබෙන ‍ව්‍යසනකාරී අවස්ථාවේ ඒ සඳහා තම උපරිම සහයෝගය ලබා දෙමින් සිටින නාවික හමුදාව ජාතික ආරක්‍ෂාව සඳහා ද තම දෛනික මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි.

Read more

Local News