හදිසි සුළි සුළං තත්ත්වය නිසා ආපදාවට ලක්වූ ජනතාවට දීමනාවක්

Share

සිකුරාදා(12) අැති වු හදිසි සුළි සුළං තත්ත්වය නිසා ආපදාවට ලක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ කොටදෙණියාව ප්‍රදේශවල පවුල් 650 කට පමණ ජනතාවට රුපියල් දස දහසක මූලික දීමනාවක් අද (15) සිටම ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට ඊයේ (14) උපදෙස් දුන්නේය.

දේපොළ හානි වූ සියලු පවුල් පිළිබඳව ඇස්තමේන්තු වාර්තා ලැබෙන තුරු නොසිට ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහන අද (15) දින සිටම ලබා දෙන ලෙසද ඉන් පසුව හානිය තක්සේරු කොට අදාළ ඉතිරි සියලු මුදල් ඉක්මනින් ගෙවන ලෙසද අග්‍රාමාත්‍යවරයා වජිර අබේවර්ධන මහතාට උපදෙස් දී අැත.

Read more

Local News