ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

Share

නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,000ද ඉක්මවා ගොස් තිබේ.

 

මේ අතර ලෝක බැංකුව අනතුරු ඇගවීමක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ, වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු පැසිෆික් කලාපීය රටවලට ප්‍රබල ආර්ථික බලපෑම් එල්ල වනු ඇති බවයි.

චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වු නව කොරෝනා වෛරසය අද වනවිට ලොව රටවල් සහ කලාප 200කට ආසන්න ප්‍රමාණයක් වෙත පැතිර ගොස් පවතියි.

අද උදෑසන වනවිට ලොවපුරා වෛරස ආසාදිතයින් 785,807 හඳුනා ගැණුනු අතර සිදුව ඇති මරණ ගණන 37,820ක් ලෙසින් දැක්විය.

සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 165,000 කට ආසන්නයි.

Read more

Local News