තුන්කොන් ප්‍රථම තරඟය බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර අද

Share

අද (15) තුන්කොන් ප්‍රථම තරඟය බංග්ලාදේශය හා සිම්බාබ්වේ සමඟ පැවැත්වෙයි.

මේ තරගාවලියට එක්දින තරග හතක් ඇතුලත් වන අතර, මූලික වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් හා තරග දෙකක් බැගින් තරග හයකට සහභාගි වේ. ලීග් ක්‍රමයට මූලික තරග පැවැත්වීමෙන් පසු ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක ජනවාරි 27 වැනිදා ඩකාහිදී අවසාන මහා තරගයට සහභාගී වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ බංග්ලාදේශය හත්වන ස්ථානයේත්, ශ්‍රී ලංකාව අටවන ස්ථානයේත්, සිම්බාබ්වේ නවවන ස්ථානයේත් පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 17 වැනිදා සිම්බාබ්වේ සමගත් 19 වෙනිදා බංග්ලාදේශය සමගත් 21 වැනිදා සිම්බාබ්වේ සමගත් 25 වැනිදා නැවත බංග්ලාදේශ සමගත් මූලික වටයේ දී තරග කරයි.

 

Read more

Local News