ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 2000ක් දක්වා ඉහළට

Share

අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් 2000කට ආසන්න වී ඇති අතර , මරණ සංඛ්‍යාව 58ක් ලෙසින් දැක් විය.

 

මේ අතර ඊයේ (01) දිනයේ එරටින් වාර්තා වූ ආසාදිතයින් 378 දෙනෙකු තබ්ලිගි ජමාත් ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරය පසුගිය මාසයේ දිල්ලි නුවර සංවිධානය කළ ආගමික ඉසව්වක් හා සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් 9,000 කට ආසන්න පිරිසක් අවදානමට ලක්ව ඇති බව සඳහන්.

එම ආගමික ඉසව්වට සම්බන්ධ සියලුම පුද්ගලයින් සොයා ඉන්දියාව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ අතර 1,300 ක් විදේශිකයින් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

1000කට අධික පිරිසක් දැනටමත් නිරෝයාධනය සඳහා යොමුකර තිබේ.‍

මේ අතර රාජස්ථාන් ප්‍රාන්තයේ සියලුම වැසියන් වෛරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂාවට ලක්කිරීමට නියමිත අතර එවැනි පියවරක් ගන්නා ඉන්දියාවේ පළමු ප්‍රාන්තය එයයි.

මේ අතර තහනම් නියෝග නොතකමින් විදී වල ගැවසෙන ජනතාව ඉවත් කිරීමට ඉන්දීය පොලිසිය නව්‍ය ක්‍රම භාවිත කර ඇති අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළේය.

කෙසේ වෙතත් තවදුරටත් එළිමහනේ ගැවසෙමින් අපරික්ෂාකාරීව කටයුතු කරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට ඉන්දීය පොලිසිය කටයුතු කර තිබුණි.

Read more

Local News