වැඩ්ම ආසාදිතයින් වාර්තාවීම අමෙරිකාවෙන්

Share

ලොව ආසාදිතයින් වාර්තාවීම අතින් අමෙරිකාව ඉදිරියෙන් සිටියි.

 

ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයින් 244,877 , ඉතාලියෙන්  ආසාදිතයන් 115,242 ක් , ස්පාඤ්ඤයෙන් 112,065 ක් ,  ජර්මනියෙන් 84,794 ක් , චීනයෙන්  81,589ක් ,  ඉරානයෙන් 50,468ක් , ප්‍රංශයෙන් 59,105ක් සහ එක්සත් රාජධානියෙන් 33,718ක් හඳුනාගෙන තිබේ.

නව කොරෝනා වෛරසය අසාදිතවීමෙන් ඉතාලිය තුළ වාර්තාවු මරණ සංඛ්‍යාව මේ වන විට 13,915 ක්.

ඒ ගතවු පැය 24 ක කාලය තුළ වාර්තාවු මරණ සංඛ්‍යාව 760 ත් සමගින්.

ගතවූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව මරණ 961ක් වාර්තාවීම එරට මුහුණ පා සිටින අවදානම් තත්වයද පෙන්නුම් කරයි.

ලොව කොරෝනා වෛරස ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට පත්ව ඇති අමෙරිකාව තුළ වෛරසයන් මියගිය ගණන 6,070 ඉක්මවා තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් මරණ 968ක් වාර්තා වී තිබුණි.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් නව කොරෝනා වෛරසය සඳහා වන රෝග පරික්ෂාවට මුහුණ දී ඇති අතර එයින්ද ඔහු සමත් වී තිබේ.

වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති මැදපෙරදිග රාජ්‍යය වන ඉරානයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,160ක්.

වෛරස වසංගතය අතරතුර ඉරාන රජයේ හැකර්වරු ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්ය මණ්ඩලයේ පුද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම් වලට ඇතුල් වීමට උත්සාහ කර ඇති බවට පුවතක්ද ඊයේ දිනයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීනයෙන්  මරණ  3,318 ක් වාර්තා වුවත් තවදුරටත් එරටින් නව කොරෝනා ආසාදිතයන් හමුවීම අවම තත්ත්වයක පවතියි.

Read more

Local News