නීතිවිරෝධි මත්පැන් හා ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

හුංගම පොලිස් වසමේ නිදහස්ගම බටහිර ප්‍රදේශයේ දී නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන ස්ථානයක් වටලා තිබේ.

 

ඊයේ (03) සවස 3.30ට පමණ මෙම වැටලීම සිදු කර සැකකරුවෙක් සමඟ ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, කඩුවක්, කිනිස්සක්, නීති විරෝධී මත්පැන් මිලිලීටර් 15000 ක්, නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා මිලි ලීටර් 161000 ක්, ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක් හා තඹ දඟරයක් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 44 ක් වු රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද( 04) අඟුණකොළපැලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News