කොරෝනා පාලනයට රාගම රෝහලේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

Share

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය දින කිහිපය තුල කටයුතු කරන ලදි.

 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් මාලාව යටතේ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ ජීවිත අවධානමද පසෙකලා අඛණ්ඩව තම සේවය රට වෙනුවෙන් ලබා දෙමින් සිටින වෛද්‍ය වරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආහාර ලබා දීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කර ඇත.

තවද, මෙහිදී එම රෝහලෙහි කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රථිකාර ලබා දීමට සූදානම් කරන ලද ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර දුරස්ථ භාවය තබා ගනිමින් අවශ්‍ය ප්‍රථිකාර ලබා දීම සහ රෝගීන් නිරීක්‍ෂණය කිරීම සඳහා සීසීටීවී කැමරා පද්ධතියක් සවි කිරීම සිදු කරන ලද අතර, නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් දින කිහිපයක් රෝහල් පරිශ්‍රයේ විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදි.

Read more

Local News