අමෙරිකාවෙන් වැඩ්ම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් – මුඛ ආවරණ හිඟ නිසා රෙදි කැබැල්ලකින් මුහුණ ආවරණයට උපදෙස්

Share

කොවිඩ් 19 වෛරසයෙන් මේ වන වැඩිම බලපෑමක් එල්ලවී ඇති රට වන්නේ මේ වනවිට ආසාදිතයන් 276,965ක් සහ මරණ 7,391වාර්තාවී ඇති අමෙරිකාවයි.

 

ඊයේ දිනයේදී පමණක් එරටින් නව ආසාදිතයන් 32,088ක් මරණ 1,320ක් වාර්තාවී තිබුණි.

අමෙරිකාවේ වැඩිම බලපෑමක් සිදුව ඇති නිව්යෝක් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුලදී නව මරණ 562ක් වාර්තාවුණේ, ප්‍රාන්තයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවූ දිනය බවට පත්වෙමින්.

මේ අතර වෛරස ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්වසන ආධාරක යන්ත්‍ර ඇතුළු පහසුකම් ප්‍රමාණවත් නොවන බව පැවසූ නිව්යෝක් ආණ්ඩුකාරවරයා මේ හේතුවෙන් තවත් බොහෝ පිරිසක් නුදුරේදීම මියයනු ඇති බවටයි අනතුරු අඟවයි.

මෙවන් පසුබිමක් තුළ වෛරසය තවදුරටත් පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යාම පාලනය කිරීම සඳහා මුඛ ආවරණයක් පැලඳීම වැදගත් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

මේ වන තුරු මුඛ ආවරණ පැලඳීම නිර්දේශ කර තිබුණේ රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍ය සේවකයන්ට පමණයි.

මේ අතර රට තුළ පවතින මුඛ ආවරණ හිඟය හේතුවෙන් පොදු ස්ථානවලට යෑමේදී පිරිසිදු රෙදි කැබැල්ලකින් මුහුණ ආවරණය කරගන්නා ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

Read more

Local News