ලොරි-ත්‍රිරෝද රථ අනතුරකින් අයෙක්ට බරපතළයි

Share

ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටි අනතුරක් සිදුව තිබේ.

 

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මහ රෝහලට ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

අද (04) දින උදැසන 8.00 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය-ගම්පොල ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මඩගල ප්‍රදේශයේදිය.

ත්‍රිරෝද රථ රියදුරා ගම්පොල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවය සඳහා යමින් සිටියදි මෙම අනතුර සිදුවි ඇත.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව ‌පොලිසිය පවසයි.

Read more

Local News