කොරෝනා ‌රෝගයෙන් මියගිය පස්වන පුද්ගලයාගේ අවසන් කටයුතු අරලගන්විල දී

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට දී සිදුවූ පස්වන මරණය අද උදෑසන වැලිකන්ද රෝහලෙන් වාර්තා වුණි.

 

මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ සිට දිවයිනට පැමිණි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉතාලියේ සිට පැමිණ වැලිකන්ද නිරෝධයන මධ්‍යස්ථානයට යොමු කර තිබුණි.

පසුව රෝග ලක්ෂණ මතුවිම හෙතුවෙන් මාර්තු 23 වන දා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔහු මාර්තු මස 26 වනදා රෝහලේ දැඩිසත්කාර එකකයට ඇතුලත් කර තිබේ.

මෙම පුද්ගලයාට වෙනත් අසනීප තත්තවයකින් පෙළි නොමැති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමත් සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අරලගන්විල විජයබාපුර පොදුසුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Read more

Local News