කොරෝනා පාලනයට ද්‍රව්‍යමය ආධාර විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට

Share

COVID-19 වසංගතය අප රටට පමණක් ලොව මුළු ලෝකටම අද වන විට තර්ජනයක් බවට පත් වී ඇත.

 

ලෝකයේ අනෙක් රටවල් මෙන්ම අප රට තුල ද මෙම වෛරසය පාලන සහ මැඩපැවැත්වීම සදහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත.

එම ක්‍රියාවලියේ දී අප රටේ සමාගම්,සංවිධාන මෙම වසංගතය අප රටින් තුරන් කිරීමේ ප්‍රධාන අරමුනින් මුල්‍ය හා ද්‍රව්‍යමය ආධාර ලබාදීම ද බොහෝ සෙයින් සිදු විය.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම මගින්  රෝහල් වල හා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සුව සේවා  සත්කාර සිදුකරන කාර්ය මන්ඩලයේ පරිහරනය සදහා භාවිතා කිරීමට පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල 4000 ක්(ppe kits) සහ උෂ්තන්ව මානක තොගයක්ද යුනිලීවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ අරුන මාවිල්මඩ සහ මාධ්‍ය ප්‍රධානි චන්නතෙන්නකොන් යන මහත්වරුන් විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත අද දින භාර දෙන ලදී.

මෙම උපකරන වන වටිනාකම ලක්ෂ 45කි.

COVID -19  ආසාදිත හා සැකසහිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන වෛද්‍ය.හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ සුරක්ෂිතතාවය රැක ගැනීමෙ අරමුනින්  DIALOG AXIATA පුද්ගල සමාගම මගින් රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් දුර සංනිවේදන ටෙලි සාකජ්චා පැවැත්වීමේ හැකියාව ඇති තාක්ෂනික උපකරණ (TELECOMMUNICATINAND TELECONTRECING QUIPMENT)  තොගයක් DIALOG AXIATA පුද්ගල සමාගමේ තිරසාර අංශයේ ප්‍රධානි චරිත රත්වත්ත මහතා විසින්   සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත අද දින භාර දෙන ලදී.

විදුලි හා යාන්ත්‍රික කොන්ත්‍රාත් සමාගමක් වන A.D. PERERA & SONG සමාගම මගින් රෝහල් වල සුව සේවා  සත්කාර සිදුකරන කාර්ය මන්ඩලයේ පරිහරනය සදහා භාවිතා කිරීමට  ශල්‍ය ඇදුම් කට්ටල 1555 ක් සහ  ශල්‍ය ඇදන් 40 ක් ප්‍රධානය කිරීමද අද දින සිදු විය.ඒහි වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුමින්ද සිල්වා මහතා විසින් වෛද්‍ය.හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ සුරක්ෂිතතාවය රැක ගැනීමෙි අරමුනින්  මුහුනු ආරක්ෂිත උපකරණ  (Face Shield)  තොගයක් ප්‍රධානය කිරීද අද දින සිදු විය.ඒහි වටිනාකමරුපියල් ලක්ෂ 03 කි.

‍ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු කමිටුවේ සාමාජිකයන් විසින් ද පරීත්‍යාගක් අද දින සිදු කරන ලදී. වෛද්‍ය.හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ  පරිහරනය සදහා භාවිතා කිරීමට පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල   50 ලබාදුන් අතර ඒහි වටිනාකම රුපියල් ලක්ෂ  5 අධික වේ.

Read more

Local News