තාවකාලික වීසා මත සිටි පිරිසට රටින් පිටවීමට අවශ්‍ය නම් ඔස්ට්‍රේලියානු රජයේ සහය

Share

ඉදිරි කාලසීමාව සඳහා තමාට අවශ්‍ය ආර්ථික ප්‍රතිපාදන සපයාගැනීමට නොහැකි තාවකාලික වීසා බලපත්‍රහිමියන් රටින් පිටවීම සඳහා දිරිමත් කරන බව ඔස්ට්‍රේලියාව පවසයි.

 

තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන්ට තම මව්රටවල් බලා යන ලෙස එරට රජය ඉල්ලීමක් කරන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත් තමාට අවශ්‍ය ආර්ථික ප්‍රතිපාදන සපයාගැනීමට නොහැකි තාවකාලික වීසා බලපත්‍ර හිමියන් පමණක් රටින් පිටව යෑම සඳහා දිරිමත් කරන බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේය.

වංසගතයත් සමඟ ආර්ථිකයට සිදුවූ බලපෑම හා රැකියා වියුක්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

තමන්ට අවශ්‍ය ආර්ථික ප්‍රතිපාදන සපයාගත හැකි සහ ස්ථිර පදිංචිය හිමි අයට මෙම තීරණය අදාළ වන්නේ නැත.

Read more

Local News