චීන සමාගම් 2කින් ‌මෙරටට මුඛ සහ අත් ආවරණ පරිත්‍යාගයක්

Share

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ වරාය වල සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාවිතය සඳහා මුඛ සහ අත් ආවරණ තොගයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ඉදිකිරීම් සමාගමක් සහ චීන සංචාරක ප්‍රවර්ධන සමාගමක් විසින් අද (04) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාගය කර තිබේ.

 

ෂැන්ග් හයියාටයි ඉදිකිරීම් සමාගමේ (Shang HaiyataiConstruction) සාමාන්‍යාධිකාරී වෑන් ගුවෝ ජුන් මහතා සහ හැපි ටුවර් සමාගමේ ( Happy Tour Travel) සභාපතිනිය වන ලියු ටින්ග් ටින්ග් මහත්මිය විසින් මෙම මුඛ ආවරණ සහ අත් ආවරණ ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.එස්.ඒ.දෙහිවත්ත මහතා වෙත භාර දී තිබේ.

මෙම උපකරණ ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ වල සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ‌වෙත බෙදාදීමට නියමිතය.

Read more

Local News