මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 162ක් දක්වා ඉහළට

Share

මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 162 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය‍.

 

ඒ අද දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

මේ අතර ඊයේ දිනයේ තහවුරු වූ ආසාදිතයින් 8 දෙනා සහ අද දිනයේ මේ දක්වා  තහවුරු වූ ආසාදිතයින් තිදෙනා හදුනාගත් ප්‍රදේශ සම්බන්ධයෙන් ද අනිල් ජාසිංහ මහතා පැහැදිලි කළේය.

මෙම ආසාදිතයින්ගෙන් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේදී හදුනාගෙන ඇති අතර අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම ආසාදිතයින් අතරට අයත් වෙයි.

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති අතර හලාවත ප්‍රදේශයෙන් තවත් ආසාදිතයෙකු හදුනාගත් බව අනිල් ජාසිංහ මහතා පැවසිය.

එමෙන්ම විදේශිකයින් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ වසා දමා ඇති ප්‍රදේශයෙන් හදුනාගත් ගැබිණි කාන්තාවක් ද ඊයේ සහ අද දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර වන බව සඳහන් ‌වෙයි.

මීට අමතරව අකුරණ ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම පිරිස අතරට අයත් වන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් ක‌ළේය.

Read more

Local News