සියත ලෙන්ගතුකම ඩයලොග් සමග

Share

ඔබට කවදත් ලෙන්ගතු සියත, ඩයලොග් හා එක්ව අපි එනවා ඔබට අවැසිම මොහොතේ ඔබේ ගමේ, නගරයේ ආගම්ක සිද්ධස්ථාන වෙත

 

මනුස්සකම කියන්නේ අපි හැමෝගෙම හදවත් වල තියෙන හැගීමක්. අපි කාෙයි මොහොතේ, මොන වෙලාවේ, කොහොම අසරණ වෙයිද කියන්න බෑ. මේ වන විට අපේ රටත් කොව්ඩ් 19 හෙවත් කොරෝනා වෙෙරසයට ගොදුරු වෙම්න් පවතිනවා.

අවාසනාවකට අද අපිට ඔබ ලගටම එන්න බෑ, වෙනදා වගේ ඇවිත් සමීප වෙලා කතා බහ කරන්න බැ. මේ මොහොතේ නිවසටම වී සිටින ඔබට රුකුලක් වෙන්න අපි හිතුවා. ඉතින් ම්ට කලකට පෙර අපි ආරම්භ කළ සියත ලෙන්ගතුකම නැවතත් අරඹන්න තීරණය කළා.

ඉතින් අපි අපේ මාධ්‍ය වගකීම වගේම මනුස්සකමත් පෙරදැරිව ඔබට අවශ්‍යම වෙලාවේ අත්‍යාවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරන්නෙමු.

ඒ සදහා අප සියත, ඩයලොග් සමග එකතුවෙලා සියත ලෙන්ගතුකම අද සිට ඔබේ ගමේ නගරයේ විහාරස්ථාන හා  අනෙකුත් ආගම්ක සිද්ධස්ථාන වෙත එනවා.

අද එහි පළමු පියවර සියත අප ඩයලොග් සමගින් ‍මහනුවර දළදා මාලිගාවෙන් ආරම්භ කරනවා.

ඉදිරියේදී හැකි ඉක්මණින්ම ඔබේ ගමේ නගරයේ විහාරස්ථානයන්ට වගේම අනෙකුත් ආගම්ක සිද්ධස්ථාන සියල්ල ආවරණය වන පරිදි අපි එනවා.

නිවසටම වී සිට්න්න. අපි ආරක්ෂා වුනොත් මුළු රටම සුරක්ෂිත වෙයි.

 

Read more

Local News