හේනවත්ත කොරෝනා ආසාදිතයාගේ ප්‍රදේශයේ පුද්ගලයින් 86ක් නිරෝධායනට

Share

කොට්ටාව, හේනවත්ත ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයින් 86 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

 

ඉන් පුද්ගලයින් 45 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර සෙසු 41 දෙනා සිය නිවෙස්වලම නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයා මේ වන විට අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු සමඟ ගණුදෙණු කරන පුද්ගලයින් සිටී නම් වහාම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීමක් කරයි.

අදාල පුද්ගලයා සංචාරක සේවා සපයන ආයතනයක රාජකාරී සිදුකරඇති අතර කොරෝනා වෛරසයේ මූලික ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු මාර්තු 31 වනදා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් වී තිබේ.

එහිදී සිදුකළ පරීක්ෂණවලට අනුව අප්‍රේල් මස 3 වනදා අදාල පුද්ගලයාට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණි.

Read more

Local News