ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 167ක් දක්වා ඉහළට

Share

මෙරටින් වාර්තා වන, කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීයකු අද(05) හදුනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇත්නම් 1390 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් මියගොස් ඇති  පුද්ගලයින් ගණන 05 දෙනෙකි.

ඊයේ පස්වරුවවන විට නව ආසාදිතයින් 07 දෙනෙකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තා වන, කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ ගියේය.

තවත් රෝගීන් 133 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 273 කි.

Read more

Local News