කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රමවේදයන් පුළුල් කළ යුතුයි

Share

කොරෝනා වෛරස තත්ත්වය  පාලනය කිරීම සඳහා ඉදිරි කාලය ඉතා වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

කොවිඩ් 19 ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්‍ර කර ඇති බවත් ඒ මහතා පවසයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ කොවිඩ් 19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රමවේදයන් පුළුල් කළ යුතු බවයි.

ඒ අනුව රුධිර සාම්පල ලබා ගැනීම හරහා සිදුකරන රැපිට් ටෙස්ට් හෙවත් ක්ෂණික පරීක්ෂණය මඟින් කඩිනමින් රෝගීන් හඳුනාගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read more

Local News