හිමිදිරි පාන්දර නුවරඑළියට මල් තුහින

Share

ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේ වෙතත්, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන (පැ.කි.මී 30-40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read more

Local News