නිරෝධායන ගැන අසත්‍ය ප්‍රචාර කළ කාන්තාවක් අත්අඩංගුවට

Share

කොවිඩ් නයින්ටීන් නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම කාන්තාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන තැනැත්තියක බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read more

Local News