මහජන අරමුදල් නිවසටම ලබාදීමේ ප්‍රජා සත්කාරක සේවය හෙට අරඹයි

Share

කොළඹ නාගරික බල ප්‍රදේශයේ මහජන ආධාර ලාභීන් වෙත මාර්තු මස මහජන අරමුදල් නිවසටම ලබාදීමේ ප්‍රජා සත්කාරක සේවය හෙට(08) සිට ආරම්භ කෙරෙන බව කොළඹ මහ නගර සභාව පවසයි.

 

රටේ පවත්නා වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට සිට දින තුනක කාලයක් එම ආධාර ලබාදීම සිදුකරන බව නාගරික කොමසාරිස් චම්පිකා රෝෂණි දිසානායක මහත්මිය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ නාගරික බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අඩු පහසුකම් සහිත පවුල් 12,970ක් සඳහා ආධාර ලබාදීමට නියමිතයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආධාර බෙදාදීම් සිදුකෙරෙන අතර එම කාර්යය සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ද සහය ලබාගැනීමට අපේක්ෂිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News