වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු දීමනා සඳහා රුපියල් මිලියන 3057 ගෙවා අවසන්

Share

වැඩිහිටි වකුගඩු, ආබාධිත දීමනා යටතේ රු. මිලියන 3057 මුදලක් ඊයේ සවස 04.00 වන විට ගෙවා ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා  ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් 488243 කට වැඩිහිටි දීමනාව ලෙස රු.මිලියන 2441 ගෙවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර වකුගඩු දීමනාව ලෙස සියළුම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි වකුගඩු රෝග වලින් පෙලෙන 32417 දෙනෙකු සදහා රු.මිලියන 162 ක මුදලක් ද, විවිධ ආබාධිත වලින් පෙලෙන පුද්ගලයින් 90870 දෙනෙකු සදහා රු.මිලියන 454 කමුදලක් ඊයේ පස්වරු 4.00 වන විට ‌ගෙවා ඇති බවද ආබාධිත මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

මේ අනුව ප්‍රතිශතයක් ලෙස 83% කට වැඩි ප්‍රතිලාභීන්ට මෙම වැඩිහිටි, ආබාධිත වකුගඩු දීමනා ඊයේ සවස් වන විට ගෙවීමට හැකි වූ බව සෞඛ්‍ය කාන්තා ළමා හා සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වනනිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Read more

Local News