නිල ඡන්ද පත්‍රිකා අනිද්දා තැපෑලට – තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 28

Share

නිල ඡන්ද පත්‍රිකා අනිද්දා (18) තැපෑලට යොමු කරන බවත්, තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය ලබන 28වනදා බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ,

” ඡන්ද දායකයින් වෙත යැවීමට නියමිත නිල ඡන්ද පත්‍රිකා මේ මාසේ 18 වෙනිදා තැපෑලට භාරදීමට නියමිතයි. අදාළ ගෘහයන් වෙත බෙදා හැරීම සඳහා එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය හැටියට ජනවාරි මාසේ 28වෙනි ඉරිදා යොදාගෙන තිබෙනවා. ඒවගේම පෙබරවාරි මාසේ 4 වෙනිදා දක්වා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කරනවා. එසේම එම කාලසීමාව තුළ කව්රු හෝ කෙනෙක් නිවසේ රැදී සිටීමෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමට සහය වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්න කැමතියි. තැපැල් ඡන්ද පත්‍රිකා ලකුණු කිරීම සිදු වෙන්නේ දිවයිනේ සියලුම පොලීසි මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල 22වෙනි දිනත් රාජ්‍ය ආයතන වල සහ ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සියලුම ආයතන වල ජනවාරි මාසේ 25 සහ 26 දෙදිනත් තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන” බවයි.

Read more

Local News