ස්මාට්ෆෝනයක් දරුවන්ට අවශ්‍යය ද?

Share

ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතයේදී අපගේ මොළය නැවත නැවතත් එය ලබාගෙන තාවකාලිකව මොළයේ සන්තෝෂය ඇති කර ගැනීමට ක්‍රියා කරයි. ස්මාට්ෆෝන්වලට ඇති ඇබ්බැහිය ගැන පර්යේෂණ කරන විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන විටත් ස්මාට්ෆෝනය භාවිත කරන විටත් මොළයේ එකම ප්‍රදේශය සක්‍රිය වන බවය. එනම් ස්මාට්ෆෝනයෙන් කරනු ලබන තාවකාලික සතුට ලබන ක්‍රියාකාරකම තුළින් ඩොපමීන් නැමැති රසායනය උත්පාදනය වේ. ගංජා වැනි මත්ද්‍රව්‍යවලදී සිදු වන්නේද මොළයේ එවැනි උත්තේජනයක් ඇති වීමය.

සෙල්ලම් කිරීම, අන්තර්ජාලය පිරික්සීම වැනි බොහෝ රාජකාරි තිබෙන හෙයින් ස්මාට් ෆෝනයක් දරුවන්ට ලබා දීම දරුවන් නිහඩව තබා ගැනීමේ එක් උපායක් ලෙස ඇතැම් මවුපියන් සලකති. එහෙත් ඒ තුළින් දරුවාගේ සමාජීය කුසලතාවලට දැඩි බලපෑමක් එල්ල වේ. වැඩිහිටි සහ දරුවන් අතර මානසික සංකූලතා වැඩි වීමට ස්මාට් ෆෝන් භාවිතය හේතු වන බව වර්තමානයේ සොයාගෙන තිබේ.

ස්මාට්ෆෝන් හරහා අන්තර්ජාලයට පිවිසෙන දරුවා උචිත දේ පමණක් තෝරා බේරාගෙන කියවන්නේ හෝ රස විඳින්නේ නැත. ක්‍රමිකව දරුවන් වර්ධනය කරමින් යන පාසල් අධ්‍යාපනයට පරිබාහිරව විශාල ලෝකයට ක්ෂණිකව විවර කරන අන්තර්ජාලය කෙළින්ම භාවිතයට ඉඩ දීම දරුවාගේ මනස වර්ධනය ඇති කරන්නේ අයහපත් බලපෑමකි.

තාක්ෂණික ලෝකයේ ස්මාට්ෆෝන් ලැප්ටොප්වලින් දරුවන් පූර්ණ වශයෙන් ඈත් කර තැබීම කළ නොහැකිය. එහෙත් දිනකට පැයකට වඩා අඩුවෙන් ඒවා භාවිතයෙන් විනෝද වීමට සීමා කිරීම කළ යුතුය. නැතහොත් ස්මාට්ෆෝන් තුළින් දරුවාගේ අධ්‍යාපන කටයුතු ද අඩපණ වීමේ අවධානමක් තිබේ.

 

Read more

Local News