බේරුවලින් කොරෝනා ආසාදිත කතක් හමුවෙයි

Share

කොවිඩ් 19 වෛරස ආසාදනය වු කාන්තාවක් බේරුවල ප්‍රදේශයෙන් අද අලුතින් හදුනා ගැනුනි.

 

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 190කි.

මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති  පිරිස 49කි.

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් කාන්තාවක් අද සොයාගැණුනේ, බේරුවල ප්‍රදේශයෙන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඇයගේ සැමියා ඉන්දුනීසියාවේ සංචාරක නිරතව පැමිණි පුද්ගලයෙකු බවයි.

ඒ අනුව අද වන විට මෙරට කොවිඩ් – 19 වෛරසය ආසාදන වු පුද්ගලයින් ගණන 190 ක් ඉහළ ගොස් තිබේ.

ඉන් පුද්ගලයින් 135 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින අතර පුද්ගලයින් 49 දෙනකු අද වන විට සුවය ලබා සිටියි.

වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 242 කි.

Read more

Local News