දිස්ත්‍රික්ක 3ක මත්ස්‍ය අස්වැන්න රජයෙන් මිලදී ගැනීමේ තීරණයක්

Share

දිස්ත්‍රික්ක 03ක මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

 

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ප්‍රකාශ කළේ, මාතර, හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් එලෙස මත්ස්‍ය අස්වැන්න මිලදී ගන්නා බවයි.

ඊට අදාළ මුදල් ප්‍රතිපාදන මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර්.ආටිගල මහතා සඳහන් කළේ, රුපියල් මිලියන 20 බැගින් ඒ ඒ දිස්ත්‍රික්ක වෙත ලබා දී ඇති බවයි.

එම දිස්ත්‍රික් ලේකම්වරුන් එලෙස මිලදී ගන්නා මත්ස්‍ය අස්වැන්න, සෙසු දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට කටයුතු කළ යුතු ය.

එම කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සම්බන්ධීකරණය කළ යුතු බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ ය.

Read more

Local News