නියඟය පවතින ප්‍රදේශවලට වියළි සලාක සහන තවදුරටත්

Share

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇත්ත් නියඟය වෙනුවෙන් ලබා දුන් වියළි සලාක සහන නියඟය පවතින ප්‍රදේශවලට තවදුරටත් ලබා දෙන ලෙසයි.

මෙම සහන ලබා දීම මාස 4කින් පසුව නවතා ඇති බව ඊයේ (16) දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය දැනුම් දුන් අතර, එය නැවත ලබා දීමට කටයුතු සැලසුම් කර දෙන මෙන් ඉල්ලීමක්ද කරන ලදි.

මේ සඳහා කැබිනට් මණ්ඩල එකඟතාවය පළ කර ඇති අතර ජනාධිපතිතුමා එය නැවත ක්‍රියාත්මක කරන මෙන් උපදෙස් ලබා දී තිබේ. මෙසේ වියළි සලාක සහනය හිමිවූ මුළු පවුල් සංඛ්‍යාව 1,57,503 කි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 22ක ජනතාව සඳහා මෙම වියළි සලාක සහනය හිමිවිණි.

Read more

Local News