කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් වෙයි – ජනපති රැස්වීමෙන් නැගිට යයි

Share

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම් වෙයි.

කැබිනට් මණ්ඩල හමුව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමා විවේචන කිරීම ගැනත් තමාට නොදන්වා ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැනීම ගැනත් දැඩි අප්‍රසාදය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කර ඇති ජනාධිපතිවරයා ඉන් අනතුර කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් ඇති අතර ජනාධිපතිවරයා එසේ නැගිට ගොස් තිබෙන්නේ කැබිනට් පත්‍රිකා පවා සාකච්ඡාවට ගැනීමට පෙර බවත් වාර්තා වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙක් කැබිනට් රැස්වීමෙන් ඉවත්ව ගිය ජනාධිපතිවරයා හමු වී ඔහු නැවත රැස්වීමට කැඳවා ගෙන පැමිණි බවයි වාර්තා වන්නේ.

පැය බාගයක පමණ කාලයක් මේ හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ඇනහිට අැත.

බැඳුම්කර කොමිසම පත් කළේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට නොවන බව කැබිනට් ඇමතිවරුන් හමුවේ කියා සිටි ජනාධිපතිවරයා, තමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබ ඇති විවේචනාත්මක ප්‍රකාශ දැඩි දෝෂ දර්ශනයට ලක්කොට ඇත.

Read more

Local News