ජර්මනියේ බස් රථ අනතුරක් – 48කට තුවාල

Share

ජර්මනියේ බර්ලින් නුවරදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 48 දෙනෙක් තුවාල ලබා තිබෙන බවත් ඉන් 43ක්ම පාසල් ළමුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ අතරින් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.

බර්ලින් නුවර ආසන්නයේදි මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී තිබේ. කෙසේ වෙතත් තුවාල ලැබූවන් රෝහල් කරා රැගෙන යාමට හෙලිකොප්ටර් යානයක්ද යොදවා තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News