බැඳුම්කර, වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව මහලේකම්වරයා භාර දෙයි

Share

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව අද (17) පෙ.ව. 11.18ට පමණ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,  ඉඩම් ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

බැදුම්කර ගනුදෙනුවට අදාළ කොමිෂන් වාර්තාවෙහි පිටපත් 26ක් (ඉංග්‍රීසි) සහ එහි සංක්ෂිප්ත වාර්තාවක් ද සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද මෙහිදී ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් මහලේකම්වරයා වෙත භාරදී ඇත.

Read more

Local News