ඊශ්‍රායල අගමැති සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

Share

සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් රතු පළස මත ඉතා උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.

පිළිගැනීමේ උත්සවයෙන් පසු ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක් වූ අතර අනතුරුව හයිද්‍රාබාද් හවුස් හි දී දෙරටේ අග්‍රාමාත්‍ය නිල හමුව පැවැත්විණි. ඊයේ දිනයේ දී ඉන්දීය අග්‍රමාත්‍යවරයා අග්‍රාමාත්‍ය නෙදන්යාහු වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය. ඊට අමතරව පුද්ගලික රාත්‍රි භෝජන සංග්‍රහයකට ද ඉන්දීය අගමැතිවරයා ඊශ්‍රායල් අගමැති වරයාට ආරාධනා කර තිබු‍ණි.

Read more

Local News