පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට

Share

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (17) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර අැත්තේ,
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිඳු යෝජනාවක් ලබා නොදුන් බවත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “ඉන්දීය ගිලන් රථ සේවාව ආරම්භ කරන අවස්ථාවේ දීත්, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරන අවස්ථාවේදීත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතා මතු කළා. එම සංගමය අවබෝධයක් ඇතිව කථා කරන්නේ නැහැ. පෞද්ගලික රෝහල් නියාමනය කිරිම සඳහා KGMG ජාත්‍යන්තර ආයතනය විසින් දිවයින පුරා සියලු ම පෞද්ගලික රෝහල්වල සිදු කරන සේවාවන් සඳහා අය කරනු ලබන මිල ගණන් එකතු කර වාර්තාවක් සකස් කළා. එම සංෂිප්ත වාර්තාව මේ වන විට අධ්‍යනය කර රෝහල් නියාමනය කිරිම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා” යැයි ද කීය.

Read more

Local News