ලංකා විදුලිබල මණ්ඩලයේ අඛණ්ඩ වර්ජනයක් අද

37

අද පෙරවරු 9.00 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසා තිබේ.

ඒ විරෝධතාවයේ නිරත සේවකයින්ට පොලීසිය කළ පහරදීමකට විරෝධය පළ කිරීමටයි.

නීති විරෝධී වැටුප් වැඩි කිරීමක් නීත්‍යනුකූල කිරීමට දරන උත්සාහයකට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩල සේවකයින් ඊයේ පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළහ.