ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය

Share

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කරගැනීමට යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඇතුළත් විධිවිධාන සම්බන්ධයෙන් දෙරටෙහිම විශේෂඥයින් විසින් සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඇත.

භාණ්ඩ වෙළෙඳාම, සේවා වෙළෙඳාම, සේවා නිදහස්කරණය, ආයෝජන, රාජ්‍ය ප්‍රසම්පාදන, තරගකාරිත්වය ආදී ක්ෂේත්‍රවලට අදාළ විධිවිධාන යෝජිත නිදහස් වෙළෙද ගිවිසුමේ ඇතුළත් වේ. කෙටුම්පත් ගිවිසුම සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණද සැලකිල්ලට ගනිමින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ. මෙම සංශෝධන හඳුන්වාදීම තුළින් ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් ගොඩනැ‍ඟෙන අතර, එම නිසා ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් ලැබෙන ඍජු විදේශ ආයෝජන ඉහළ නැංවෙනු ඇත.

Read more

Local News