රුසියාවේ කොරෝනා ආසාදිතයින් ගණන 58000 ක් දක්වා ඉහළට

Share

රුසියාවෙන් කොරෝනා වෛරස ආසාදිතයින් 58,000ට ආසන්න පිරිසක් හඳුනා ගෙන තිබේ.

 

ගත වු පැය 24ක කාලය තුළ එරටින් වෛරස ආසාදිතයින් 5,236 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව රුසියාව තුළ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 57,999ක් හඳුනා ගෙන ඇති අතර මරණ 513 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් නයින්ටින් වෛරස ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා අමෙරිකාවට පසුව වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකරන රට වන රුසියාවේ මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව විසි දෙලක්ෂ 50,000 ක් වෙයි.

අමෙරිකාව විසින් සිදුකර ඇති කොවිඩ් නයින්ටීන් පරීක්ෂණ සංඛ්‍යාව හතලිස් එක් ලක්ෂ 90,000 ඉක්මවන බව වාර්තා වෙයි.

Read more

Local News