ශ්‍රී ලාංකිකයින්ගේ නිපැයුම්වලට මඟපාදන වීඳි උත්සව සහ ප්‍රදර්ශන තුනක්

Share

ජාත්‍යන්තර වෙළඳපොළ ‍වැඩි වැඩියෙන් දිනාගැනීමට ශ්‍රී ලාංකිකයින්ගේ නිපැයුම්වලට මඟපාදන වීඳි උත්සව සහ ප්‍රදර්ශන තුනක් අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය සහ ඉන්දියාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය තීරණයකොට ඇත.

ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව මේ ප්‍රදර්ශන ලොස්ඇන්ජලීස්, ලන්ඩන් සහ මුම්බායි නුවරයන්හි පැවැත්වෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ සඳහා රුපියල් මිලියන 50 ක් මෙවර අයවැය මඟින් වෙන්කළ බව ද, මේ අවස්ථාවන්ට ශ්‍රී ලාංකික පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාව ද එක්කරන බව ද අමාත්‍යාංශය කියයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛ අපනයන හා බැඳුණු රාජ්‍ය ආයතන ජාලය එකට එක්ව මේ වැඩසටහන් සංවිධානය කරනු ඇත.

 

Read more

Local News