මෙම වසරේදී නව දෙමුහුන් මල් වර්ග 15ක් හඳුන්වා දීමට කටයුතු

Share

තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරන්නේ නව දෙමුහුන් මල් වර්ග 15ක් 2018 වර්ෂයේදී හඳුන්වා දීමට කටයුතු කරන බවත් එම මල් වර්ග මේ වන විට පේරාදෙනියේ ජාතික උද්භිද උද්‍යානයේදී සාර්ථකව අත්හදා බලා තිබෙන බවයි.
ඇන්තුරියම් වර්ග 10 ක්, ඕකිඩ් වර්ග 03ක් සහ කිරීටා වර්ග 02 ක් මෙම දෙමුහුන් මල් වර්ග 15ට අයත් වේ. මෙම නව දෙමුහුන් මල් ප්‍රභේදවල පැළ උද්භිද උද්‍යානවලින් ඉදිරියේදී ලබාගත හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
පේරාදෙනිය උද්භිද උද්‍යානයේ ශාක සංරක්ෂණාගාරයේ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ කටයුතු සහ පැළැටි ස්ථාපිත කෙරෙමින් පවතී. එය නුදුරේදීම මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

Read more

Local News