ඉන්දියාවේ සිටින ලාංකිකයින් රැගෙන ඒමට අදත් විශේෂ ගුවන් වාරයක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් වාරයක් අද (29) දින ක්‍රියාත්මක වේ.

 

ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1195 දරණ ගුවන් යානය අද උදෑසන 09.05ට ඉන්දියාව බලා පිටත්ව ගිය බව අප වාර්තාකරු සදහන් කළේය.

ඉන්දීයාවේ නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 143 දෙනෙකු රැගෙන ඒම සදහා මෙම විශේෂ ගුවන් යානය පිටව ගොස් ඇති බව සදහන්.

මේ සදහා ගුවන් යානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙකු පමණක් සහභාගී වී  තිබේ.

එම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගෙන අදාළ ගුවන් යානය යළි පස්වරු 05.00ට මෙරට පැමිණිමට නියමිතයි.

Read more

Local News