පාප් වහන්සේ චිලී හා පේරු රාජ්‍යයේ සංචාරයක

Share

චිලී හා පේරු රාජ්‍යයේ සංචාරය ආරම්භ කළ පාප් වහන්සේ සිය නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මේ වන විට ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවයි.

න්‍යෂ්ටික යුද්ධයකට යෑමේ වැඩි අවදානමක් තිබෙන බවත් ඇතැම් විට එක් පියවරක්, එක් අත් වැරැද්දක්, එක් වචනයක්, එක් සිදුවීමක් ඊට ප්‍රමාණවත් බවත් එතුමා වැඩි දුරටත් පැවසූහ.

අප එතරම් දුර පැමිණි ඇති බව පැවසූ පාප් වහන්සේ අප හමුවේ එවැනි අවදානමක් ඇති බවට අනතුරු හැඟවූ නමුත් හවායි හෝ උතුරු කොරියාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත.

Read more

Local News