පිළිකා රෝගය කල් තබා හඳුනාගත හැකි රුධිර පරීක්ෂණ ක්‍රමයක්

Share

පිළිකා රෝගය කල් තබා හඳුනාගත හැකි, ලෝක මට්ටමින් ක්‍රියාවට නැංවිය හැකි රුධිර පරීක්ෂණ විධික්‍රමයක් සම්බන්ධයෙන් පියවරක් පෙරට තබා සිටින බව විද්‍යාඥයන් කණ්ඩායමක් කියා සිටිති.

එම සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවේ සුවිශාල ජයග්‍රහණයකි.

අදාළ පර්යේෂණයට නායකත්වය දුන් ජෝන් හොප්කින්ස් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන් කණ්ඩායම විසින් කරනු ලැබ තිබෙන්නේ පිළිකා රෝගයේ පොදු ආකාරයන් අටක් හඳුනාගත හැකි විධික්‍රමයක් පෙරට තබනු ලැබීමයි.

පිළිකාවක් හටගත් මුල් අදියරේදීම මිනිස් ජීවිත රැක ගත හැකි මට්ටමින් එය හසුකර ගැනීමේ වාර්ෂික රුධිර පරීක්ෂණ ක්‍රමයක් සැලසුම් කිරීම එම විද්‍යාඥයන්ගේ අභිප්‍රාය වී ඇත.

පිළිකා සෛල මගින් මිනිස් සිරුරක විකෘති වූ කුඩා DNA කොටස් සහ ප්‍රෝටීන් මුදා හරින අතර ඒවා රුධිර පද්ධතියට එක් වෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

‘කැන්සර්සීක්’ යනුවෙන් නම් කරනු ලැබ ඇති නව පරීක්ෂණයේ දී පිළිකාවකින් අඛණ්ඩව මතුවෙන ජාන දහසයක විකෘති වීම් සහ පිළිකා මගින් නිරන්තරයෙන් මුදා හරිනු ලබන ප්‍රෝටීන් අටක් පරීක්ෂා කෙරෙයි.

Read more

Local News