පාසල් 5ක් උසස් පෙළ දෙවැනි අදියර ඇගයීම් වෙනුවෙන් වසා තැබේ

Share

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2017 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජනවාරි 24 දින ආරම්භ වන අතර ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පහක් ජනවාරි මස 23 දින සිට පෙබරවාරි මස 03 වන දින දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙන බවයි.

මෙම දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජනවාරි මස 24 දින සිට පෙබරවාරි මස 02 දින දක්වා දිවයින පුරා පාසල් 24 ක දී සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව පහත සඳහන් පාසල් එම දිනවල දී සම්පූර්ණයෙන් වසා තැබේ.

·        කො/ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ 10

·        මාර/ මධ්‍ය මහා විද්‍යාලය, මාතර

·        කු/ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, මල්ලවපිටිය, කුරුණෑගල

·        මහ/ ශාන්ත අන්තෝනි බාලිකා විදුහල, මහනුවර

·        බ/ ඌව මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල

Read more

Local News