මැතිවරණ පැමිණිලි, නීති උල්ලංඝනය කිරීම් 275ක් – පොලිසිය පවසයි

Share

2017.12.09 වැනි දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 191ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 84ක්, වාර්තා වී අැත. මැතිවරණ පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 55ක් වේ.

ඒ අනුව මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 275ක් වාර්තා වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

පහරදී තුවාල සිදුකිරීම, බැණ තර්ජනය කිරීම හා බියගැන්වීම්, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම්, ඡන්ද නාමලේඛන සම්බන්ධව, පෝස්ටර්  කටවුට් හා දේපලවලට අලාභ හැකි සිදු කිරීම, ද්‍රව්‍ය, මුදල් හා උපකරණ බෙදීම, ඡන්ද පෝස්ටර් සන්තකයේ තබාගැනීම යනාදී හේතු යටතේ මෙම පැමිණිලි ලැබී ඇත.

Read more

Local News