දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවිමට නම් මනා කළමනාකාරීත්වයක් අවශ්‍යයයි

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී බිලියනයක ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී බිලියන 1.1 ක (මිලියන 1,174.6) ලාභයක් දක්වා වර්ධනය වූ බවත්, 2018 වසර අවසානය වන විට සීනි නිෂ්පාදනය ඉහළ නංවා බිලියන 1.8 ක ලාභයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

පසුගියදා අමාත්‍යාංශයේ දි පැවති දේශීය සීනි නිෂ්පාදනය පිළිබද සාකච්ඡාවේදී මෙලෙස අදහස් දැක්වු අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, වර්ෂ 2015 වන විට පාඩු ලබමින් පැවති ලංකා සීනි සමාගම, සිය සෙවනගල හා පැලවත්තත් ඒකකයන්හි උක්ගොවීන්ට හා භාණ්ඩ හා සේවා සපයන සැපයුම්කරුවන්ට ගෙවීම් කළ නොහැකි අර්බුදකාරී තත්ත්වයක පැවතුණු බවයි.

මේ පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, සීනි කර්මාන්තය යළි නගා සිටු වීමට නම් සීනි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පමණක් නොව, නාස්තිය හා අනවශ්‍ය වියදම් වැළැක්වීම සඳහා මනා කළමනාකාරීත්වයක් ඇති කිරීමට පියවර ගනු ලැබීය.

ඒ සඳහා දක්‍ෂ සභාපතිවරයෙක් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියෙක්, අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කර නාස්තිය, දූෂණය වළක්වා මනා කළමනානාරීත්වයකින් යුතුව සේවකයන්ගේ මෙන්ම උක්ගොවි ජනතාවගේ ද සහයෝගය ලබා ගනිමින් සමාගමේ ලාභාංශ වැඩි කිරීමට පියවර ගැණුනු බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

Read more

Local News