බස් රථයක් කැබ් රථයක ගැටී කාන්තාවක් ජිවිතක්ෂයට

Share

නාත්තන්ඩිය – උඩුබද්දාව මාර්ගයේ දුම්මලසූරිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

 

බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව කැබ් රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් කැබ් රථයේ ගමන්ගත් කාන්තාවක් බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

දුම්මලසූරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News